"Coconut Pittu" was great with Soya meat curry! Want it sweet? you may need bananas | Traditional Me


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

When I went to visit my elder aunty that evening, she gave me 3 ripe combs of bananas to take home with me. There were 2 bunches of sour bananas that had …

25 replies
  1. Traditional Me
    Traditional Me says:

    Watch all videos – playlist
    https://www.youtube.com/playlist?list=PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87
    Please find the English description in the description box | එදා හවස ලොකු අම්මලයි ගෙදර ගිහින් එනකොට ලොකු අම්මා ඉදුණු කෙසෙල් ඇවරි තුනක්ම ගෙනියන්න කියල දුන්නා. එහේ එදා ඇඹුල් කෙසෙල් කැන් දෙකක්ම ඉදිලා තිබුණා. හොඳම වැඩේ කියන්නේ ඒ අතරෙ අපේ මල්ලිත් වත්තේ තිබුණ 'ඇම්බුං' කෙසෙල් කැන කපාගෙන ඇවිත්. මම කෙසෙල් ගේන බව එයා දන්නෙ නෑනේ. ඒක පැහිල තිබුණ නිසා අද හෙටම කපමු කියලා ඊයෙ අපි කතා වුණා. ඉදිච්ච කෙසෙල් ඇවරි තුනක්ම තියෙන එකේ ඒකත් කැපුවේ අපරාදෙ කියල හිතුණත් ඒ කෙසෙල් කැන ඉදෙන්න තව දවස් දෙක තුනක් ගතවෙන නිසාත් අපේ මල්ලි ඉන්නකල් අපේ ගෙදරට කෙසෙල් වැඩි වෙන්නෙ නෑ කියල දන්න නිසාත් පස්සෙ මං ඒ අදහස වෙනස් කරගත්තා.

    එදා රෑට මම හදන්න හිටියෙ පිට්ටු. ඒ නිසා වේලාසනින් හාල් දියේ දාලා පෙඟුණට පස්සෙ මද පවනේ වේලෙන්න තියලා ගියේ. ගෙදර ඇවිත් ඒ හාල් ටිකත් කොටලා පිටි ටික පෙනේරෙන් හලලා ආයේ මද පවනේ වේලෙන්න හැරියා. රෑ වෙන්න කලින් පිට්ටු කන්න සෝයාමීට් (TVP) වලින් වෑංජනයකුත් හැදුවා. තුනපහේ ජාති ටික අලකෑලි වටේ දැවටෙන්න ඇරලා තෙලෙන් තරමක් බැදගත්තා. ඊට පස්සෙ උණුවතුරේ පොඟවගත්ත TVP ටික එකතු කරලා යන්තමට ඉස්ම ගතිය තියෙන්න හොඳට හින්දගත්තා.

    ළපටි පොල් ගෙඩියක් බිඳලා හිරමනෙන් ගාලා ගත්තේ පිට්ටු වලට හොඳටම හරියන්නේ ළපටි පොල් නිසා. සමහරු 'කලටි' පොල් කියලත් කියනවා. ඊට පස්සෙ තමයි මට ටිකක් අමාරුම වැඩේ කරන්න තියෙන්නේ, පිට්ටුවට පිටි කැට කරන එක. දැන්නම් ගොඩක්ම හුරුයි. ඒත් ඉස්සර හරිම අමාරුයි. වතුර, පොල්, පිටි එක්ක රිදමය එකට, පදම වැරදුණොත් හැම කැටයක්ම සමානව හැදෙන්නෙ නෑ. එහෙම වුණොත් සමහර කැට පොඩියි, සමහර කැට ලොකුයි. එතකොට වෙන්නෙ හුමාලෙන් තම්බද්දි එක්කෝ ලොකු කැට තැම්බිලා මදි වෙනවා. නැත්තම් පොඩි කැට තැම්බිලා වැඩි වෙනවා. එතකොට පිට්ටුවේ රස නැති වෙනවා. පිට්ටු අපේ රටේ සම්ප්‍රදායික කෑමක් වුණත් දකුණු ඉන්දියාවෙත් මේ කෑම ජාතිය මේ විදියටම හදනවා. ඒත් වානේ හෝ අඅලුමිනියම්පවැනි ලෝහ වලින් හදපු පිට්ටු බම්බුවලට වඩා ශ්‍රී ලංකාවෙදි සම්ප්‍රදායිකව භාවිතා කරන්නෙ උණ බම්බු කොටයකින් හදාගත්ත මම භාවිතා කරන විදියේ පිට්ටු බම්බුවයි. පිට්ටුව තැම්බෙන අතරතුරදි පිට්ටු බම්බුව උඩින් හුමාලය මතුවෙනවා. ඒ කියන්නෙ පිට්ටුව තැම්බිලා ඉවරයි. හොඳින් වතුර නටනවානම් පිට්ටුවක් තැම්බෙන්න ගතවෙන්නෙ විනාඩි දෙක තුනයි.

    අන්තිම පිට්ටුව ලිපෙන් බාන්න කලින් මම ඉක්මනටම ළූණු සම්බෝලයක් හදාගත්තා. ලුණු මිරිස්, කට්ට සම්බෝලයක් හෝ ළූණු සම්බෝලයක් සමග කිරි හොදි හෝ පොල් කිරි තමයි ශ්‍රී ලංකාවේ පිට්ටු කන සම්ප්‍රදායික ක්‍රමය වෙන්නෙ. ඒත් දැන් සමහරු තුනපහ වැඩියෙන් මිරිස් සැරට මස් හෝ TVP වගේ වෑංජනයක් පිලියෙල කරගන්නවා. මේ දවස් වල හවස දෙක තුන වෙද්දි හොඳටම වහිනවා. හැබැයි හැන්දෑ වෙද්දි හොඳටම පායලා. හවසට වහින නිසා රෑට හොඳටම සීතල වෙනවා. ඉතින් පිට්ටු තැම්බිලා ඉවර වුණ ගමන් උණු උණුවෙම කන්න ඕන නිසා අත්තම්මටයි මල්ලිටයි කෑමට කතා කරා. හදල තිබුණ සෝයාමීට් (TVP) වෑංජනයත් ආයෙමත් රත්කරල ගත්තා. කාලා ඉවර වුණාමයි මල්ලිට මතක් වුණේ කෙසෙල් ගෙඩිත් එක්ක කන්න පිට්ටු කෑල්ලක් ඉතුරු කරගන්න බැරි වුණ විත්තිය. ඇත්තටම මටත් මතක් වුණේ නෑ ඒ වගක්. සාමාන්‍යයෙන් අපේ මල්ලි පිට්ටු හදපු දවසට අන්තිම පිට්ටුව කන්නෙ කෙසෙල් ගෙඩිය් සීනියි එක්ක. ඉතින් දවස් දෙකකට පස්සෙ හවසක මක් ආයෙත් එයාට කෙසෙල් ගෙඩිත් එක්ක කන්න පිට්ටු හැදුවා. එදානම් පිට්ටු තැම්බුවේ පිට්ටු ගොට්ටේ. අත්තම්මා පොල් කොල වලින් පිට්ටු ගොටු වියන්න දන්න නිසා අපේ ගෙදර ඕන තරම් පිට්ටු ගොටු නම් තියෙනවා. කෙසෙල් ගෙඩිත් එක්කම පිට්ටු කන නිසා මම ඒකට වියලි මිදිත් එකතු කලා. මල්ලි කපාගෙන ආපු කෙසෙල් කැනත් ඉදිලා තිබුණා. ඒකෙන් ලොකු අම්මලයි ගෙදරටයි වටේ ගෙවල් දෙක තුනටයි බෙදලා ඉවර වුණාම ගෙදරට ඉතුරු වුණේ එකම එක කෙසෙල් ඇවරියයි. ඇත්තටම පැණි, සීනි, කෙසෙල් එක්ක පිට්ටු කන්න පොඩිකාලේ ඉඳලම අපි හරිම ආසයි. හැබැයි පොල්කිරි ටිකකුත් පිට්ටුවට මුහුවෙන්නම ඕනේ. ඇත්තෙන්ම පොල් කිරි දාන්නේ පිට්ටුව රසවෙන්නම නෙවෙයි. ගිලින්න ලේසි වෙන්නත් එක්ක.

    ආදරයෙන් නදී 💜️💜️🌺

    Reply
  2. Mrs. PriyaArun
    Mrs. PriyaArun says:

    Nadee sister.. It's awesome to watch your videos… Delicious dishes, divine place, wonderful music ….. It's feel of paradise… Convey my regards to brother and granny… Take care…

    Reply
  3. treble
    treble says:

    Do any one tried nadee's tasty recipes at least once??😘 how was the taste???? U r amazing nadee ……..u are taking our traditional culuture and cuisine into a whole new world😁😁👍keep it up😻😻❤

    Reply
  4. Md Uzir
    Md Uzir says:

    This is the most amazing u tube video..i had ever seen in my life..The visual and audio are superb…lovin it…'keep up the good work'…love from Malaysia 😘

    Reply
  5. Rashi binas
    Rashi binas says:

    ഏറ്റവും വലിയ ഹൈ ലൈറ്റ് ഈ വീഡിയോ യുടെ തുടക്കം മുതലുള്ള മ്യൂസിക് ആണ് 🎼🎼🎼🎶🎶🎶😍

    Reply
  6. Nilanthi N
    Nilanthi N says:

    නංගී මල්ලි ඔයාලා කෝමද itean අපිත් අවම හොයාගන පිට්ටු කන්න pulwanm නාද නංගී mam dubai වල අක්කා

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *