A Lady fingers finely weaves traditional sweet by slime of ladies fingers|Poorna – The nature girl


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

The corn on the Chena Cultivation is also being harvested. Okra (Lady’s Fingers) my Father had plucked it several times and …

33 replies
  1. Poorna - The nature girl
    Poorna - The nature girl says:

    Play list💜️🍃💛 https://youtube.com/playlist?list=PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k හේනේ බඩ ඉරිඟු යායත් පීදීගෙන එනවලු.බණ්ඩක්කනම් මේ වෙද්දි කිහිප විටක්ම තාත්තා කඩලා කඩමංඩියටත් දීලා තිබ්බා.ගෙදර වැඩත් ගොඩගැහුන නිසා පහුගිය ටිකේ තාත්තට උදව්වෙන්නවත් හේනට යන්න බැරි උනා.
    රතු පාට නාරටිය එක්ක විහිදුනු හේන් බණ්ඩක්කා ගස් සාමාන්‍ය බණ්ඩක්කා ගස් වලට වඩා උසයි.කරලුත් එහෙමයි.තුන් හතර දෙනෙක් ඉන්න ගෙදරකට වේලකට කරල් දෙක තුනක් පිහ ගත්තනම් හොදටම අරපිරිමැස්මයි.ඒ තරමට කරල් ලොකුයි.ගහෙන් කඩපු ගමන් ඉව්වම තමයි බණ්ඩක්කනම් රසටම තියෙන්නේ.උදේ පාන්දර බණ්ඩක්කා ගස් ගාලේ ගියා වගේ නෙවෙයි බූවා ගෑවිලා කසන්න ගත්තමත්..😁 බණ්ඩක්කත් ඇති තරම් කඩාගන ලපටි බඩඉරිඟු කරල් කීපයකුත් කඩාගත්තෙ බඩ ඉරිඟු රොටි කන්න ආස හිතුන නිසා.
    තෙම්පරාදු කරලා ගත්තු බණ්ඩක්කා වලට,කොහු අඹ ගෙඩියක් පෙති කපලා දැම්මම හොද්දේ හොඳ ඇඹුල් රසයක් එනවා.ඒ ඇඹුලත් එක්ක ඉතිං ඕන දෙයක් කන්න පුලුවන්.මිරිස්,කහ,තුනපහ,රම්පෙ,කරපිංචා,කුරුඳු,අමු මිරිස්,තක්කාලි,රට ලූනු,උම්බලකඩ තෙලට දාලා ටිකක් බැදිලා සුවඳ එද්දි තමයි මිටි කිරි ටික දාලා නටවගන්න ඕන.හොද්ද බාන්න විනාඩි පහකට වගේ කලින් තෙම්පරාදු කරගත්තු බණ්ඩක්කා,අඹ ටික දාලා හොදට කලවම් කරගෙන අඩු ගින්දරේ පොඩ්ඩක් හිදෙන්න දෙන්න ඕන.ඇඹුල් සුවදත් එක්ක දුඹුරු පාටට හිදීගන එන බණ්ඩක්කා හට්ටිය දැක්කම මගෙනම් කටට කෙලත් උනනවා😍
    පොල් රොටි හදන්න පැය දෙක තුනකට කලින් පිටි ගුලිය අත් ගහලා තිබ්බම පුච්චන වෙලාවට රොටිය පුලුන් වගේ මෙලෙක් වෙනවා.අනාගත්තු පිටි ගුලියට ලියාගත්තු රතු ලූනු,කරපිංචා,කොච්චි එක්ක තම්බගත්තු ලපටි බඩඉරිඟුත් දාලා හදාගත්තු බඩඉරිඟු පොල් රොටිවල රස ඉතිං කාලම බලන්න ඕන🌷😌
    සකීටනම් දවස තිස්සෙම පැත්තකටවෙලා හප හප ඉන්න බඩඉරිඟු කරලක් තිබ්බනම් හොදටම ඇති..😁😁
    කෑම මේසෙට අපි ආස ඒවා විතරක් මදිනේ.මල්ලි ආස කෑමකුත් තියෙන්න එපැයි.බණ්ඩක්කා බිත්තර ඔම්ලට් හදලා,එලවලු මැද්දට තියලා චීස් එක්ක පාන් කර කරලා කන්න මල්ලි හරි ආසයි.රට ලූනු,බෙල්පෙපර්,තම්බපු අල කොටු කපලා,පාස්ලි එක්ක පාන් පෙති තට්ටු හතරෙ මැද්දට තියලා,බටර් දාපු තැටියෙ දෙපැත්ත දාද්දි රන්වන් පාට වෙලා චීස් බේරෙනකොට ඉතිං මල්ලිට විතරක් නෙවෙයි අපිටත් ආස හිතෙනවා…😁😍
    බණ්ඩක්කා ඇඹුලෙ රසටද මංදා එක රොටියක්වත් ඉතුරු වුනේ නෑ.චීස් බේරෙන තට්ටු පාන්නම් ඉතිං කොහොමටවත්ම ඉතුරු නෑ..😂😂
    දඩිබිඩියෙ දවස් ගෙවෙන ඉක්මනනම් හිතාගන්නත් බෑ.අලුත් අවුරුද්දටත් තව සතියයි..කටු ආස්මී ටිකක් හදලා තිබ්බොත් හා හා පුරා කියලා පලවෙනිදට කෑම මේසෙට තියන්නත් පුලුවන්.හාල් දියේ දාලා වනේ කොටලා සාරි රෙද්දෙන් තුන් හතර ගමනක්ම හලලා සියුම් පිටි තට්ටුව තමයි ගන්න ඕන.කැට අහු උනොත් ආස්මී වැල දිගට වැටෙන්නෙ නෑ.කැඩෙන්න බලනවා.එහෙම හලාගත්තු පිටි,වතුරෙන් අනාගන මිටි කිරි ටික ටික දදා හොදට අනාගන්නවා.ආස්මී හදන්න නානු ගන්නේ ගොඩක් වෙලාවට දවුල් කුරුඳු කොල වලින්.ගොඩපර ගෙඩි,බණ්ඩක්කා කරල් වලිනුත් ගන්නවා.මොකද ඒ හැම වර්ගෙකම සෙවල ගතියක් තියෙනවනේ.කඩන් ආපු බණ්ඩක්කත් තිබුන නිසා කරල් දෙකක් පෙති කපලා වතුරට දාලා තිබ්බා.බණ්ඩක්කා කරල් වලින් ගත්තු නානු දාලා තමයි ඇගිලි වලින් නොකැඩී වැල් ඇදෙන ගානට පදම හදාගන්න ඕනේ.පොල්කට්ටේ හිල් විදලා තමයි ගොඩක් වෙලාවට ආස්මී වැල් අදින්නේ.ඒත් ඇගිලිවලින් අදින වැල් තරම් ලස්සන නෑ.ඇගිලිනම් අපිට ඕන විදියට හසුරුවලා හැඩ අරන් පුරවන්න පුලුවන්.ඒත් පොල් කට්ටෙන් එහෙම බෑ.කටු ආස්මී ටික හදලා මුට්ටියකට අහුරලා රෙද්දකින් ගැටගහන්නෙත් වාතය අතුල්වෙලා ආස්මී ටික පෙගෙන්න ඕන නිසා..
    පලවෙනිදා ලබන්නත් තව දවස් කීපයක් තියෙනවා.කටු ආස්මී හදලත් දැං දවස් හතරකුත් වෙනවනේ.ඇඹුල් කෙසෙල් කැනත් ඉදිලා තියෙන එකේ පලවෙන්දා මොකෝ අද මොකෝ කියලා ඔන්න ඔහේ තේ බොන්න ආස්මී හතරක් බැදලා පැණි වැල් ඇදලා ගත්තා😁 තාත්තගෙ කෑම බීමටනම් ඉතිං දිනේ අදාල නෑ😁 ඔය ඇහුවේ තව නැත්ද කියලත්..😍

    සොබාදහමට ආදරය කරන්න.උතුම් මිනිසෙකු ලෙස මේකෙටි ජීවිතය ගතකර නික්ම යන්න🌻💜
    තෙරුවන් සරණයි..!!💛
    ආදරණීය පූර්ණා❤🌿

    Reply
  2. Sanjiv Sreevinayakom Ranjan
    Sanjiv Sreevinayakom Ranjan says:

    Hai Poorna how are you? Hope you are fine there. wow delicious food… what is the name of that snaks made like noodles,is it sweet…My happy wishes for the coming New Year-2022 with lots of prayers. Happy New year my friend…..💕💞💛💚💙💜❤

    Reply
  3. nelum Kumari
    nelum Kumari says:

    ඔයා නම් හරිම හොදයි උයන විදිහ දාන කලමනා කියනවා ගොඩක් ආදරෙයි නංගී හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාටම තෙරුවණ් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹

    Reply
  4. Chaminda Nirosh
    Chaminda Nirosh says:

    Akka harima lassanai akke. Akka ge vedios harima lassanai akke. Akka kema rasata uyanawa.saki tat aderei.budu saranai akki.💖💖💖💖💖🌸🌸🌸🌸💐💐💐💐🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹👍🏼👍🏼👍🏼👍🏼👍🏼♥️♥️♥️♥️♥️♥️👍🏼👍🏼👍🏼🌟🌟🌟🌟

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *